දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී එනම් හෙට දින සිට අඩුවේයැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, උතුරුමැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය, කොළඹ සහ ගම්පහ දිස්තික්කවලත් සුළඟේ වේගය පැ.කි.මී. (60-65) දක්වා ක්ෂණිකව ඉහළ යාමේ වැඩි හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තු සඳහන් කරයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවලද සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වලවිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මන්නාරම, යාපනයසහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව වාර්තා වෙයි.
මේ අතර බස්නාහිර, මධ්‍යම,වයඹ සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට වැඩිතරමක් තද වර්ෂාපතනයන් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම ඉදිරි දින කිහිපයේදී, උතුරු සහ මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල සහ උතුරු සහ මධ්‍යම අරාබි මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 70-80 දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු හෝ දළ රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් පවසයි.
උතුරු සහ මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල, අගෝස්තු මස 09 වන දින දක්වාද, උතුරු සහ මධ්‍යම අරාබි මුහුදු ප්‍රදේශවල අගෝස්තු මස 11 වන දින දක්වා ද ධිවර සහ නාවුක කටයුතුවල යෙදීම අනතුරුදායක බව දැනුම් දෙනු ලැබේ.
මන්නාරම සිට පුත්තලම සහ ගාල්ල හරහාහම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.
මීගමුව සිට මන්නාරම, කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා මඩකළපුව දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් වැඩිදුරටත් පවසයි.
මේ අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.
ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.