කුරුණැගල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරාව ස්ථාන මාරුකර ෂාෆි වෛද්‍යවරයාට එරෙහි පරීක්ෂණ අඩාල කිරීමට මුස්ලිම් වෛද්‍යවරුන් උත්සහයක නිරතවන බව අගතියට පත් මව්වරුන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා පවසයි.
ෂාෆි වෛද්‍යවරයාට හිමි ගිණුමක කෝටි 44 ට අධික ඇති බවට පසුගියදා අනාවරණය කරගත් බවත් මෙම මුදල් ලබා ගත්තේ කෙසේද හා ඒවා යෙදෙව්වේ කුමකටද යන්න පිළිබඳ සැකයක් ඇති බව නීතීඥ ඉන්ද්‍රසිරි සේනාරත්න මහතා පැවසීය.
ඒ අනුව අද දින සී.අයි.ඩී.යට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ඔහු ප්‍රකාශ කළේය.
මේ අතර, ඊයේ (07) දිනයේ දී මාධ්‍ය හමුවකට එක්වෙමින් අසාද් සාලි මහතා විසින් ෂාෆි වෛද්‍ය වරයාගේ වත්කම් සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති බව පවසා සිටි බවද පැවසු නීතිඥ සේනාරත්න මහතා, ඔහුට ප්‍රසිද්ධ මාධ්‍ය සංවාදයක් සඳහා එන්නැයි අභියෝග කර සිටියේය.
මේ අතර අසාද් සාලි මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ කුරුණෑගල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ස්ථාන මාරුවක් ලබාදීමට නොහැකි නම් පොලිස් කොමිසම වහාම ඉල්ලා අස්විය යුතු බවයි.
සිංහල මව්වරුන්ට වඳ සැත්කම් සිදුකළැයි චෝදනා එල්ල වී ඇති වෛද්‍ය ෂාෆි ශියාබ්දීන්ගේ වත්කම් උපයාගැනීම සම්බන්ධයෙන් සැකයක් පවතින බව පවසමින් සුරකිමු දේශය ජාතික සංවිධානය විසින් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
මේ අතර ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පැවසුවේ කුරුණෑගල භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ස්ථාන මාරුව අහෝසි කිරීම නිසා පොලිස් කොමිසමේ සියලුම නිලධාරීන් වහාම ඉල්ලා අස්විය යුතු බවයි.
මේ අතර චෝදනා එල්ලවී ඇති වෛද්‍ය ෂාෆි ෂියබ්දීන්ට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා සෞඛ්‍ය අමාත්‍යංශයට එරෙහිව මානව හිමිකම් කොමිසම වෙත කුරුණෑගල මව්වරුන් පිරිසක් පැමිණ අද පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
අනුග්‍රහය – අද දෙරණ