කොළඹ කුණු ගොඩ ගැසේ.. ඉන්න හිතෙන රටේ.. දුගඳ හමයි හතර වටේ..

කොළඹ නගර සභා සීමාව තුල කසල තැන තැන ගොඩ ගැසීම නිසා නගරසභා සීමාවේ බොහෝ ප්‍රදේශවල දැඩි දුර්ගන්ධයක් හමා යමින් තිබේ.

නගරයට පිවිසෙන ජනතාව ද සිය නාස් වසා ගනිමින් ගමන් බිමන්වල යෙදෙන ආකාරය දැත ගත හැකිය.

මීට හේතු වී ඇත්තේ කෙරවලපිටිය කසල අංගනයට කසළ භාර ගැනීම නවතා දැමීමයි. එහි කසල ධාරිතාව මේ වනවිට උපරිම තත්වයට පත්ව තිබේ.

මේ අතර කොළඹ නාගරික කොමසාරිස්වරයා සදහන් කරන්නේ අද දිනයේ සිට පුත්තලම අරුවක්කාලු කසල අංගනයට කසල ගෙන යාම ආරම්භ කරන බවයි.

නමුත් කොළඹ නගරයේ තැන තැන ගොඩ ගැසී ඇති කසළ ඉවත් කිරීමට තවත් දින දෙකක් පමණ ගතවනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.