රට වෙනුවෙන් කළ යුතු සුදුසුම දේ මහින්ද විශ්වාස කරන අයෙක්ට සහය දීමයි..- තිලංග

මීළඟ ජනපති වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය දෙන කෙනායි

මහින්ද රාජපක්ෂ මහතා නම් කරන ජනාධිපති අපේක්ෂකයෙකුට සහාය දීම මේ මොහොතේ රට වෙනුවෙන් කළයුතු සුදුසුම දෙය බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශ්වාස කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසනවා.

මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේ මොරටුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින්.

එහිදී සුමතිපාල මහතා කියා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගය දක්වන අපේක්ෂකයා ජනාධිපතිවරණයේ දී ජනපති වෙන බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක ධූරයට තරග කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුමතිපාල මහතා වැඩිදුරටත් කියා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසාන සාකච්ඡාවේ දී රට දිනවිය හැකි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවයි.

එනිසා වැඩසටහනට එකඟ වන්නේ කවුද ඒ සඳහා ගත යුතු අවසාන විසඳුම පොදු ජන පෙරමුණෙන් ගත යුතුව ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා බවත් එහිදී රට බාර දිය යුතු ප්‍රධාන විධායකයා කවුද? ඕනෑම පුද්ගලයෙක්ට සහයෝගය ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුදානම් බවත් තිලංග සුමතිපාල මහතා මෙහිදී පවසා සිටියා.

Leave A Reply

Your email address will not be published.