ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ඡාව සාර්ථකව අවසන් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර පැවති සකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
ජනාධිපති හා විපක්ෂ නායකවරයා ඉතා සාර්ථක සාක්ච්ඡාවකින් පසුව එකඟතා කීපයකට පැමිණ ඇතැයි ද මන්ත්‍රීවරයා මෙහිදී පවසා සිටියා.
කෙසේ වෙතත් ඒ අනුව තවත් සාකච්ඡා වට දෙක තුනක් පැවැත්වීමට නියමිත බවද ඔහු සඳහන් කලා.
එක්සත් ජාතික පක්ෂ විරෝධී අපේක්ෂකයෙකුට එකඟතාවය ලබා දෙන්න මෛත්‍රීපාල සිරිසේන මහතාත් බොහෝ විට ඉදිරි මැතිවරණයට තරඟ කරන්න තීරණය කරනු ඇතැයි ද මන්ත්‍රීවරයා කියා සිටියා.
පොහොට්ටුවත් සමඟ එකඟතාවයක් නොමැති බවත්, එකඟතාවයක් ඇති වෙන්නේ අපේක්ෂකයා සමඟ බවත් පැවසු මුතුහෙට්ටිගම මහතා පවසා සිටියා.
තව මාස 3 ක් ඇති බවත් ඒ කාලය තුළ ජනාධිපතිවරයාගේ ඊළඟ පියවර කුමක් ද යන්න පිළිබඳව පවසන බවත් කියා සිටි මන්ත්‍රීවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිකන් යන්නේ නැති බවත් ලක්ෂ 20 ක හෝ 25ක ඡන්දත් අරන් යන බවත් මේ ඡන්දය ඉතා තීරණාත්මක බවද සඳහන් කළා.
ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරන ආකාරයට එකඟත්වයකට පැමිණියහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවද කියා සිටියා.
ශ්‍රි ලංකා නිදහස් පෙරමුණ හා පොදු ජන පෙරමුණ එකඟත්වයකට යා යුතු බව තම විශ්වාසය බව මෙහිදී අදහස් දක්වමින් තිලංග සුමතිපාල මහතා පැවසීය.
පක්ෂ දෙක එකතු වී ගන්නා තීරණය නිසැකයෙන්ම අවසන් තීරණය වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.