ජීවන්ගෙන් ඇරැව්වල පාසලට තූර්යවාදන කට්ටලයක්…

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කැස්බෑව ආසනයේ ප්‍රධාන සංවිධායක ජීවන් කුමාරතුංග මහතාගේ දායකත්වයෙන්, බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රිනී මල්ෂා කුමාරතුංග මැතිනියගේ පළාත් සභා අධාර යටතේ තුර්ය වාදන කට්ටලයක් ඇරැව්වල විද‍ය්‍යාලෝක විද‍ය්‍යාලයට ලබාදිම පසුගියදා එම විද‍ය්‍යාලයේදි සිදු කරන ලදි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇරැව්වල ග්‍රාම නියෝජිත හසිත වැලිවත්ත ගේ යොජනාවක් අනුව මෙය සිදුකෙරිණි.

ජිවන් කුමාරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයට ඇරැව්වල විද‍ය්‍යාලෝක විද‍ය්‍යාලයීය විදුහල්පතිතුමිය උපුලාන්ගනි හේරත් මහත්මිය ඇතුලු ගුරුමණ්ඩලය, දෙමව්පියන් හා විද‍ය්‍යාලිය දරු දැරියන් අතුලු විශාල පිරිසක් සහභාගි විය.

ජීවන් කුමාරනතුංග මහතා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කැස්බැව ප්‍රධාන සංවිධායක ලෙස පත්වූ සිදුකළ පළමු සද්කාර්ය ලෙස මෙය වාර්තා වෙයි.

Leave A Reply

Your email address will not be published.