පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට ජනාධිපතිවරයා මෙන්ම කාදිනල් හිමිපාණන්ද කැඳවිය යුතු බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසයි.
ඒ අතර රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසුවේ, ජනාධිපතිවරයා තේරීම් කාරක සභාව හමුවට කැඳවීමට ඔහුගේ කැමැත්ත අවශ්‍ය නොවන බවයි.
ප්‍රශ්නය – තේරීම් කාරක සභාවට අගමැතිතුමා කැඳවනවා. ඉදිරියේදී ජනාධිපතිතුමාවත් කැඳවනවා ද?
“එළිදරව් වන කරුණු අනුව එය සිදු කරන බව අමාත්‍යවරයා පැවසීය.“
ප්‍රශ්නය – අගමැතිතුමා කැමැත්තෙන්ද..?
“කැඳවන්න කැමැත්ත අකමැත්ත වැඩක් නැහැ“
ප්‍රශ්නය – කාදිනල් හිමියන්ව කැඳවනවා?
“එහෙම තීන්දුවක් නැහැ“
කාදිනල් හිමියන් ගොඩාක් තොරතුරු දන්නවා කියනවා?
“උන්වහන්සේ කැමති නම් ඇවිත් තොරතුරු දෙන්න පුළුවන්“
ජනාධිපතිතුමාවත් ගෙන්නන්න ඕනද? යනුවෙන් මෙහිදී රංජන් රාමනායක මහතාගෙන් ද ප්‍රශ්න කර සිටියේය.
එයට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසා සිටියේ ජනාධිපතිවරයා හොඳ කථිකයෙක් නිසාවෙන් එතුමා කියයි හේමසිරි ප්‍රනාන්දු කිව්වද? පූජිත කිව්වද? එතුමා දැනුවත් වෙලා හිටියද? යන්න දැන ගත හැකි බවයි.
කාදිනල්තුමාවත් කැඳෙව්වොත් හොඳයි කියලා තමා කිව්වේ ගෞරවයෙන් බවත් දුරකථන ඇමතුම් ගැන හා තානාපති කාර්යාල ගැන කිව්වා එතුමා ළඟ රහස් ගොඩාක් තියෙන්න පුළුවන් බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
අනුග්‍රහය – අද දෙරණ