ශ‍්‍රීලනිප මන්ත්‍රී වැඩිදෙනෙක් පොහොට්ටුවට පක්‍ෂ වේ.. අකමැති තුන් හතර දෙනෙක් පමණයි .

දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සිටින මන්ත්‍රීවරුන් 03ක් හෝ 04 දෙනෙකු හැරුණු කොට අන් සියලු දෙනාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වීමට කැමැත්තෙන් සිටින බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණය සඳහා නම් කරන අපේක්ෂකයෙකුට සහාය දීමට එම පිරිස කැමැත්තෙන් පසුවන බවද වාර්තා වේ.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ රාත්‍රී පැවති සාකච්ඡා සාර්ථක බව ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමග පැවති සාකච්ඡාවේ දී දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ගොඩ නැගීමේ කටයුත්ත ඉක්මනින්ම අවසන් කරන ලෙසද දැනුම් දී ඇති බවද වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.