ඊයේ රාත්‍රී දෙමල පක්ෂ කිහිපයක නායකයින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්චා කළා. ඒ ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ.
එහිදී මාධ්‍යවේදීන් වාසුදේව නානායක්කාර මහතාගෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (05) සුවිශේෂි තීරණයක් ගන්නා බවයි.
එය දැන්ම ප්‍රකාශ කළ නොහැකි බවත් ඔහු කියා සිටියා.
ඊයේ රාත්‍රී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමු බවටද වාර්තා පල වුණා.
මේ කරුණු සලකා බැලීමේදී පෙනී යන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටු අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීම ඉදිරියේදී සිදුවනු ඇති බවයි.