චතුර එජාප මන්ත‍්‍රී කණ්ඩායමට තර්ජනය කරයි

එක්සත් ජාතික පක්‍ෂය වැඩිය දැඟලුවොත් තුන්වෙනි අපේක්ෂකයෙක් ජනාධිපතිවරනයට ඉදිරිපත් කරන බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා සඳහන් කර ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ දිනයේ අරලියගහ මන්දිරයේදී පැවැති එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් හමුවේදීය.

එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් සෙසු පක්ෂවලට ත්‍රීවිල් පක්ෂ යයි සිදුකරන චෝදනාවන්ට පිළිතුරු දෙමින් චතුර සේනාරත්න මහතා මේ බව සඳහන් කර තිබේ.

තමන්ගේ පක්ෂය කුඩා පක්ෂයක් නොවන බවත් විශාල වැඩ කොටසක් කල බවත් චතුර සේනාරත්න මහතා සඳහන් කර ඇත.

රාජපක්ෂ ආණ්ඩුව පෙරලා දැමීම සඳහා තම පක්ෂය පුරෝගාමී වැඩ කොටසක් කළ බවත් එය අමතක කළ යුතු නැති බවත් ඔහු සදහන් කර ඇති අතර තම පක්‍ෂය ත්‍රීවිල් පක්ෂයක් නොවන බවත් වැඩිය දැඟලුවොත් තමන් තුන්වෙනි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමුවේ පවසා තිබේ.

කෙසේ වෙතත් ඊට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කිසිවකු පිළිතුරු දීමට ඉදිරිපත් වී නැත.

ලකා සී නිවුස්

Leave A Reply

Your email address will not be published.