කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා..
පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය සහ මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සහ පොතුවිල් සිට මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60-70 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවද කාලගුණ අංශ නිවේදනය කරනවා.
හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 50-55 දක්වා වැඩිවිය හැකි අතර මුහුද තරමක් රළු විය හැකියි.
මේ අතර උතුරු, උතුරු මැද හා වයඹ පළාත්වල ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය පැයට කිලෝ මීටර 50-60 දක්වා වැඩි වෙයි.
දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් ඉදිරි දින කීපයේදී බලාපොරොත්තු වෙයි.
විශේෂයෙන් මෙම තත්ත්වය හෙට(07) සිට බලපැවැත්වෙනවා.
බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත් මන්නාරම, යාපනය හා අනුරාධපුර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති විය හැකියි.