කළගෙඩිහේනේදී වෑන් රථයකට පහරදීමේ සිද්ධියට තමන් වැරදියැයි පිළිගන්නා බව ගණිත ආචාර්ය දිනේෂ් නුවන් අමරතුංග ප්‍රකාශ කරනවා.
අද (05) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ ගුරුවරයා ඇතුළු 8 දෙනාට ඇප ලබා දීමට තීරණය කළ අතර එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
එහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ අදාළ සිදුවීම අහඹු සිදුවීමක් බවත් මාධ්‍ය විසින් ඒ සඳහා වැඩි ප්‍රචාරණයක් ලබා දුන් බවයි.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඔහුට විවිධ පාර්ශව විසින් ඉල්ලීම් සිදු කළ බවත් කෙසේ වෙතත් තමන්ට ඒ සඳහා බලාපොරොත්තුවක් නොතිබු බවත් ඔහු ප්‍රකාශ කළා.
දැනට ඒ පිළිබඳ තමන්ට සූදානමක් නැති බවත් ඉදිරියේ දී එවන් අදහසක් ඇතිවේදැයි කිව නොහැකි බවත් ඔහු පැවසුවා..
තමන් ජාත්‍යන්තර දේශන පවත්වන අයෙකු බවත් දෙස් විදෙස් උපාධි හදාරා ඇති බවත් පැවසූ ඔහු තම දේශන සඳහා මෙම සිදුවීමෙන් බාධාවක් එල්ල නොවන බවත් කියා සිටියා.
තමන්ට ඇතිවිය හැකි තර්ජන සඳහා තම ගෝලයන් ලෙස පිරිසක් සිටි බවත් එම පිරිස ප්‍රභූ ආරක්ෂකයින් ලෙස හැඳින්විය නොහැකි බවත් අදාළ දේශකයා කියා සිටියා.