ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් සිදුව තිබෙනවා.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ඊයේ(05) රාත්‍රී මෙම හමුව සිදුවූ බවයි.
ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සහ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා වී ඇති අතර
අභාවප්‍රාප්ත කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සාලින්ද දිසානායක මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා වී තිබෙනවා.
මෙම සාකච්ඡාවට පෙර පසුගියදා දුරකථනයෙන් ද ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා අතර සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වෙනවා.