නීති විරෝධී මත්පැන් විස වී 11 දෙනෙක් මරුට.. තවත් පිරිසක් රෝහලේ

නීති විරෝධි මත් පැන් විසවූ බවට විට සැක කෙරෙන පුද්ලයින් 11 දෙනෙකු මිය ගොස් 14 දෙනෙකු රෝහල් ගත කර ඇති බවට පල්ලෙවෙල ,මීරිගම , සහ කොටදෙණියාව පොලීස් වසම් වලින් වාර්තා වෙනවා.

මෙම පුද්ගලයින් 6 දෙනෙකුගේ් මරණ පරීක්ෂණ වාර්ථාවල සදහන් වන්නේ හදිසි හෘදබාධ , ස්වභාවික මරණ ලෙස වුවද , මත්පැන් විසවී මොවුන් මියගිය බවට ඥාතීන් හා ප‍්‍රදේශවාසීන් අතර බලවත් සැකයක් පවතිනවා.

මියගිය පුද්ගලයින් හා දැනට අවට රෝහල් වල ප‍්‍රතිකාර ලබන රෝගීන් එකම දිනකදී එකම ස්ථානයකින් මෙම නීති විරෝධි මත් පැන් පානය කර ඇති බවත් ප‍්‍රතිකාර ලබන රෝගීන් හා මියගිය පුද්ගලයින් එකම රෝග ලක්ෂණ පල කිරීමත් නිසා මෙවැනි සැකයක් ඥාතීන්ට හා ප‍්‍රදේශවාසීන්ට ඇතිව තිබෙනවා.

වමනය යෑම , පාචන තත්ත්වයක් ඇති වීම, ඇස් වල දැවිල්ලක් ඇස් නොපෙනී යෑම, හුස්ම ගැනීමට අපහසුව හා ශරීරය ගැහීමට ලක්වීම වැනි රෝග ලක්ෂණ මේ අතර වනවා.
මේ වන විට රෝගීන් 14 දෙනෙකු මිරිගම වතුපිටිවල ගම්පහ හා රාගම රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිනවා.

එදින මත්පැන් පානය කරන විට යම් රසායනිකයක රසයක් දැනුන බව දැනට රෝහල් ගතවී සිටින රෝගීන් ප්‍රකාශ කළා.

මෙම නීති විරෝධි මත්පැන් බෙදාහරින බවට ප‍්‍රදේශවාසීන් චෝදනා කරන ප‍්‍රධාන සැකකරු පල්ලෙවෙල පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඊයේ(04) දින අත්තනගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනා.. පානය කල බව කියන කසිප්පු වල සාම්පලයක් රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර වාර්ථාවක් ලබා ගැනීමට පල්ලෙවෙල පොලීසිය පියවර ගෙන තිබෙනවා..

Leave A Reply

Your email address will not be published.