මෙහි තිබෙන්නේ මාතර දිස්ත්‍රික් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කංචන විජේසේකර පෙරේදා එනම්, අගෝස්තු 02 වනදා තම ෆේස් බුක් පිටුව තුළ සටහන් කර තිබු පුවතකි.
නිවාස අමාත්‍යංශයේ මුදල් භාවිතා කරමින් මුද්‍රණය කරන ලද සජිත් ප්‍රේමදාසගේ පෝස්ටර් මේ වන විට දිවයිනේ සෑම නිවාස අධිකාරයේ කාර්යාලයකට ලබා දී ඇත. අද රාත්‍රී රට පුරා නිවාස අධිකාරියේ වාහන භාවිතා කරමින් සහ එම සේවක පිරිස මගින් ආසනයකට පෝස්ටර් 500 බැගින් අලවන ලෙස උපදෙස් ලබා දී ඇති අතර, මේ මොහොතේ මාතර දිස්ත්‍රික් නිවාස අධිකාරී කාර්යාලයේ ගබඩා කාමරයේ මාතර පෝස්ටර් ගබඩා කර ඇති අතර මේ වන විට පිරිස් එහි එකතු වෙමින් පවතී. රටේ අනෙකුත් ප්‍රදේශවලද අද රාත්‍රී සැරිසරන රජයේ වාහන සහ එම පෝස්ටර් පිළිබද පොලිස් ස්ථානයන්ට දැනුවත් කරන්න..
උපුටා ගැනීම – කංචන විජේසේකරගේ පිටුවෙන්