2018 යල කන්නයේ වගා හානී වූ ගොවීන් සඳහා වන්දි ප්‍රදානය කිරීම අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේදී සිදුකෙරුණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දවස පුරා පොළොන්නරුවේදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරුණි.
ප්‍රථමයෙන් ඇලහැර වෙලන්කටුව ශ්‍රී ශෛලගංගාරාම විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා එහි නව සංඝාවාසය විවෘත කළා.
කෝට්ටපිටිය බුද්ධගයා ශ්‍රී ප්‍රභාෂ්වර පිරිවෙනේ නව සංඝාවාසය විවෘත කෙරුණේ ඉන් අනතුරුවයි.
2018 යල කන්නයේ වගා හානී වූ ගොවීන් සඳහා වන්දි ප්‍රදානය කිරීමද අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
මේ අතර මින්නේරිය හෙළ බොජුන්හල සහ හරිත ප්‍රජා අලෙවි සංකීර්ණය විවෘත කළ ජනාධිපතිවරයා පැමිණ සිට ජනතාව ඇමතුවේය.
එහිදී උත්සව සභාව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහාත මේ බව පැවසීය.
“රස්සාවක් නැති කාලේ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිතුමා රත්න දේශප්ප්‍රිය සෙනානායක මහත්තයා ගාවට මම කිහිප ගමනක් ගිහින් තියනවා. මගේ අධ්‍යාපන සුදුසුකම් ලියා ගෙන රැකියා ඉල්ලුම් පත්‍ර දෙන්න.
මම ඉතින් ගිහින් ඇප්ලිකේශන් එකක් එක ගමනක් දුන්නා. ඊට පස්සේ ආය ගමනක් ගිහින්දුන්නා.මට රස්තාවක් හම්බුනේ නෑ. මම කොච්චර ස්වයං රැකියා කළාද. කුකුල් කොටු දැම්මා මිරිස් වැව්වා මේ අත්වල දියපට්ටා එනකන් මමත් වැඩ කරා.“