මෙම නිවාඩු කාලයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ නම් අවධානයෙන් පසුවන්නැයි කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය විසින් තම රට වැසියනට දැනුම් දී තිබේ.
එම කාර්යාලය විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ සංචාරකයන් ගැවසෙන ස්ථාන, සාප්පු සංකීර්ණ, ප්‍රවාහන මධ්‍යස්ථාන, හෝටල්, රාජ්‍ය ආයතන උද්‍යාන, පූජනීය ස්ථාන, රෝහල්, ගුවන්තොටුපලවල් ආදී තැන් ත්‍රස්තවාදී පහර දීමකට ලක් විය හැකි බවයි.
ඒ අනුව තානාපති කාර්යාලය සිය රටවැසියනට දෙවන මට්ටමේ උපදේශනයක් නිකුත් කර ඇති අතර
ජනමාධ්‍ය වාර්තා ගැන අවධානයෙන් සිටින ලෙසද ඉල්ලා තිබේ.
උපුටා ගැනීම – lankacnews