හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට කුඩා කාලයේ කොළඹ ආනන්ද විද්‍යාලයේදී අකුරු කළ ගුරුවරියක් අද ගෝඨාභය මහතාගේ පාසල් කාලයේ මතකය අවදි කළේය.
ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ගම්පහ දේශපාලන කාර්යාලය විවෘත කිරීම අද ඒ මහතාට කොළඹ ආනන්ද විද්‍යාලයේදී අධ්‍යාපනය ලබාදුන් ගුරුවරිය අතින් සිදුකෙරුණි.
එහිදී සෝමා සූරියආරච්චි නැමැති මෙම ගුරුවරිය ගෝඨාභය රාජපක්ෂ මහතා ආනන්ද විද්‍යාලයට ඇතුලු වූ අවදියේ මතකය අවදි කළේ මෙසේය.
“ඇත්ත වශයෙන්ම ගෝඨාභය මහත්මයා මට හමුවුණ ආනන්දේ දස දහස් ගණන් සිසුන් අතර මගේ රට, අපේ රට, ඔබේ රට බිය සැකක් නැතුව බන්දේසියක තියලා භාර දෙන්න පුළුවන් ශක්තිමත් යුග පුරුෂයෙක්.
ඔහු මුළු තුන් මාසෙම හැඬුවා මගේ පන්තියේ.
මේ සාරි පොටේ එල්ලිලා අඬනවා ගෙදර යන්න ඕන කියලා.
මම කිව්වා ගෙදර? ගෙදර කොහෙද අර කැලේනේ ගෙදර තියෙන්නේ කියලා.
ඔච්චර ඈත ඉඳලා තාත්තා උදේ පාන්දර ගෙනල්ලා ගේට්ටුව ළඟින් ඇතුළු කරලා පන්තියට දාලා යනකොට ඒ වෙලේ ඉඳන් ජනේල් පොළුවල එල්ලිලා අඬනවා තාත්තා එන්න, තාත්තා එන්න මට ගෙදර යන්න කියලා.
මෙයා අඬනවා අඬනවා. තුන් මාසෙම ඉවර වෙලා මම දවසක් කිව්වා පුතේ ලේන්සුව ගන්න අරන් ඔය නහය පිහිදාගන්න කියලා.
ලේන්සුවක් නෑ මැඩම්…
මං කිව්වා ඇයි?
අම්මා දාලා නෑ…
අම්මා දාන්නේ මොකටද? මේ ලොකු ළමයෙක්නේ දැන්. ඔයා දාගන්න එපැයි කියලා මම කිව්වා.
ඉතිං අරන් මගේ සාරි පොට පිහිදනවා..
ඒ ඇඬුවට පාඩම උගන්වන හැම දෙයක්ම මතකයි.
හරී ඉවසිලිමත්..
ඒ දරුවන් ඔක්කොම එක්ක සමානාත්මතාවයෙන් ගතකරන්න පුළුවන් චරිතයක් තමයි ගෝඨාභය රාජපක්ෂ චරිතය.
අපේ රටට දැන් අපිට ඕන නෑ පක්ෂ, පාලකයෝ දැන් මුළු රටටම මුළු දේශයටම පාලකයින් එපා වෙලා.
අපිට ඕන නායකයෝ…”