ගෝඨාභය -මෛත්‍රී තීරණාත්මක හමුවක්

ඉදිරි ජනාධිපතිධුර අපේක්ෂකත්වය ඇතුළු තීරණාත්මක දේශපාලන කාරණා ගණනාවක් ගැන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.

ඒ අනුව පසුගියදා ඔහු ජනාධිපතිවරයා අමතා දෙදෙනා අතර හමුවකට වේලාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.. ඊට ජනාධිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව සඳහන්.. මෙම දුරකතන ඇමතුම ලබාදීමට පෙරදී ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවේ රැඳී සිටියදීත් ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පෞද්ගලික දුරකතන සංවාදයක් පවත්වා බොහෝ කරුණු සාකච්ඡා කර තිබුණා.. කෙසේ හෝ අද හෙටම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවැත්වීමට නියමිත හමුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂ අපේක්ෂකත්වය ගැන ජනාධිපතිවරයා දැනුම්වත් කර ඔහුගේ සහයෝගය ලබාගත හැකි දේශපාලන සැලසුමක් යෝජනා කෙරෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතාට අමතරව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මුණගැසීමට වේලාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව සඳහන්. එයටද ජනාධිපතිවරයා අනුමැතිය දක්වා ඇතැයි කියැවෙනවා.

deshaya

Leave A Reply

Your email address will not be published.