එකසත් ජාතික පක්ෂය එළඹෙන ජනපතිවරණ අපේක්ෂකයා හේතුවෙන් දෙකඩ වී ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා. එජාප ප්‍රභල ක්‍රියාකාරිකයෙක් පැවසුවේ මෙම මැතිවරණයේදී අපේක්ෂකත්වය චම්පික රණවක මහතාට ලබා දීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සජිත් විරෝධී පිල කැමති බවයි. ඔහුට සිංහල ජාතිකත්වය නියෝජනය කල හැකි බවත් සුළු ජාතික නියෝජනය ලබා ගැනීමට රනිල් ට හැකි බවත් ඔවුන්ගේ මතයයි.
ප්‍රභල එජාප ක්‍රියාකාරිකයෙක් පැවසුවේ සජිත් අපේක්ෂකයා වුවහොත් ඔවුන් පොදුජන පෙරමුණ ට එකතු වන බවයි. ඔවුන් ගොටාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින බවත් වැඩි දුරටත් කියා සිටියා.
චම්පික රණවක වෙනුවෙන් එජාප බොහෝ පිරිසක් ඉදිරියේදී එළිපිට පෙනී සිටින බව ද එම ප්‍රභලයා primenews සමග කියා සිටියා.