පොහොට්ටු ජනපති අපේක්ෂකයා ගැන මම දන්නෙත් නෑ

එළැඹෙන 11 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් කරන ජනාධිපති ධුර අපේක්ෂකයා කවුරුන්දැයි තමාද නොදන්නා බව එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද(02) නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී.

පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා විහිදෙන දැවැන්ත සංවිධාන ජාලයකින් හෙඹි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ආසියාකරයේ තිබෙන සංවිධානත්මකම දේශාපාලන පක්ෂය බවද මෙහිදි බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළා .

අපේ රටේ සංස්කෘතිකාංගවල අගයක් අපට නැතත් තාක්ෂණියේ හිනි පෙත්තට ගිය රටවල් පවා මෙවැනි සංස්කෘතිකාංග අගය කරන බව ඒ මහතා පැවසුවා.

නමුත් ශී‍්‍ර ලංකාවට මෙන් ක‍්‍රමාණුකූලව පවත්වා ගෙන එන සංස්කෘතියක් වෙනත් කිසිදු රටකට නැතැයිද පෙන්වා දුන් ඒ මහතා සදහන් කලේ අපට නොදැනෙන්නට අපේ උරුමයන් බටහිර රටවල් සොරාගනිමින් පවතින බවයි.

මෙහිදී මාධ්‍යවේදින් නැගූ ප‍්‍රශ්න හමුවේ පිළිතුරු දුන් බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කලේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අරමුණ රටත් ජනතාවත් දිනවීම මිස කිසිවෙක් පරාජය කිරීම නොවන බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නැවත වරක් ජනාධිපතිධූරයට ඉදිරිපත් විමට නොහැකි නිසා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂය විසින් එතුමාගේ අනුප‍්‍රාප්තිකයා පත්කිරීමේ අවස්ථාව මහින්ද රාජපක්ෂ මහතාට පවරා ඇතැයිද එහිදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කලා.

 

Leave A Reply

Your email address will not be published.