එක්සත් ජාතික පක්ෂය විසින් පිහිටුවීමට නියමිත ‘ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ’ එළඹෙන 05දා පිහිටුවීමට සියලු කටයුතු සූදානම් වී තිබේ.
නමුත් එහි ව්‍යවස්තාව සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුධකාරී තත්වය මත ඊට සංශෝධනය ඉදිරිපත් කරන ලෙස අගමැතිවරයා විසින් දැනුම් දී ඇත.
මෙම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණින් නායකත්ව මණ්ඩලය සඳහා ඇමති රාජිත සේනාරත්න මහතාගේ පුත් චතුර සේනාරත්න මහතාගේ නම යෝජනා වී ඇත.
ඊට ද එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී විරෝධය පළවී තිබේ.
එමෙන්ම නව සන්ධානයේ මහලේකම් ලෙස ඇමැති රාජිත සේනාරත්න මහතා පත්කර ඇති අතර නව සන්ධානයේ පිණිස සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ තිඹිරිගස්යාය නිවසේ ලිපිනය බවද වාර්තා වේ.
උපුටා ගැනීම – ලංකා සි නිවුස්