නෙදර්ලන්තය බුර්කාව හෝ නිකාබය හෝ සහ මුහුණු ආවරණය වන ඇඳුම් පැළඳීම තහනම් කරමින් නීතියක් ගෙනා අතර එය ඊයේ (1) සිට ක්‍රියාත්මක වන බව එරට බලධාරීන් ප්‍රකාශ කලා.
මේ අනුව පොදු ගොඩනැගිලි තුළදී සහ ප්‍රවාහන සේවාවලදී මුහුණු ආවරණය වන ඇඳුම් පැළැඳීම තහනම් වන අතර මෙම නව නීතිය සම්බන්ධයෙන් නෙදර්ලන්තය තුළ යම් මතභේදකාරී තත්ත්වයක් ද උද්ගත වුනා.
මිලියන 17ක ජනතාවක් ජීවත්වන නෙදර්ලන්තයේ 200ත් 400ත් අතර කාන්තාවන් පිරිසක් නිකාබය හෝ බුර්කාව හෝ පළඳින් බව පැවසෙන්නේ.
බුර්කාව හෝ නිකාබය හෝ මුහුණ ආවරණය වන ඇඳුම් පැළඳීම තහනම් කෙරෙන යෝජනාව නෙදර්ලන්තය තුළ සම්මත වූයේ පසුගිය වසරේ ජූනි මාසයේදීය. මෙම යෝජනාව මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ එරට අන්ත දක්ෂිණාංෂික දේශපාලනඥයකු වූ ජියර්ට් විල්ඩර්ස් විසින්. ඒ 2005 වසරේදීය.
ප්‍රංශය, බෙල්ජියම, ඩෙන්මාර්කය සහ ඔස්ට්‍රියාව වන රටවලද මීට සමාන නීති ක්‍රියාත්මක වෙනවා..