ජනාධිපතිවරණයේදී තමන් සහය දෙන්නේ කාටදැයි සැප්තැම්බර් 2 වැනිදා පක්ෂ සම්මේලනයේදී තීරණය කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
එම පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දුමින්ද දිසානායක මහතා පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකි නම් තමා ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගත් ලිපිය මාධ්‍යයට නිකුත් කරන ලෙසයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා සතුව තවමත් ඇත්තේ ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීමට බාර දුන් ලිපිය ලැබුණාය යන ලිපිය පමණක් බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසුවා.
හොරෙන් චුට්ට චුට්ට එළියට නොදමා ලියවිල්ල තියෙනවා නම් පෙන්වන්න.
ගෝඨාභය රාජපක්ෂ ළඟ තවම තියෙන්නේ ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගන්න භාරදුන් ලියවිලි ලැබුණා කියන ලියුම පමණයි.
පුරවැසිභාවය ඉවත් කරගත් ලියුම තියෙනවා නම්
ඒක එළියට දාන්න..අපිටත් ලේසියි
නම කිව්වට වැඩක් නැහැ සුදුස්සෙක් වෙන්න ඕනේ
සුදුසුකම් තියෙන බව ඔප්පු කරන්න.
11වෙනිදා කියන්නේ අපේක්ෂකයා නම් කරන දවස නෙවෙයි.
පොහොට්ටුවේ නායකත්වය මහින්දට භාර දීම පොහොට්ටුවේ අයට බලාගෙන ඉන්න වෙයි.
අපි කලබල වෙන්නෙත් නැහැ. රට කලබල වෙන්නත් එපා.
සන්ධානගත වුණොත් එහෙම වෙනත් අයෙක් ජනපති අපේක්ෂකයා වෙයි”