නුපන් පරපුරෙත් වගකීම බාර ගන්න ලෑස්තියි..- සජිත්

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට අද හම්බන්තොට ප්‍රෙද්ශයේ ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් හිමි වුණා.

නිවාස හා ඉදිරිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට බැල්ලගස්වැව සෙන්පති නන්දිමිත්‍ර ගම උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීම අද සිදුකෙරුණා.

ඊට එක්වූ අවස්ථාවේදී අමාත්‍යවරයාට රැස්ව සිටි ජනතාවගෙන් ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයක්.

අද පැවති කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී පක්ෂයේ වගකීම බාර ගැනීමට තමන් සූදානම් යැයි ප්‍රකාශ කළ බව එහිදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා.

මේ පරපුරේ පමණක් නොව නූපන් පරපුරේ වගකීම ද තමන් එඩිතරව නොබියව භාර ගැනීමට සූදානම් බව ඒ මහතා පැවසූ අතර ඒ පිළිබඳ කතා දෙකක් නැති බවත් මේ වන විට වැඩ පිළිවෙල ආරම්භ කර ඇති බවත් ඔහු කියා සිටියා.

 

Leave A Reply

Your email address will not be published.