අපිට හැමදාම හිඟන්නො වගේ ඉන්න බෑ-අපිටත් ආත්ම ගෞරවයක් තියෙනවා

ශ්‍රී ලංකාව ණය ලබාදීම සඳහා විශ්වාසවන්ත රටක් නොව, ණය ගෙවීමට හැකියාවක් ඇති රටක් බවට පත්විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කඩුවෙල ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවති උත්සවයකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මෙරට ආර්ථිකය නොසිතූ පසුබෑමකට ලක්ව ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය‍.

“රටට නැවත ණය ගන්න අපි අමාරුවෙන් විශ්වාසයක් ගොඩනැඟුවේ. හේතුව ණය නොගත්තොත් තියෙන ණය ගෙවන්න බැහැ.

ණය ආපසු ගෙවන්න පුළුවන් බවට අපිට විශ්වාසයි. අපි ඔක්කොම දුක් වින්දා. ගංවතුර, නියඟ ආවා
ප්‍රාදේශීය සභා ඡන්දෙන් පැරදුනා.

ඒත් කොහොමහරි ඉදිරියට ගියා.

කුමන්ත්‍රණයෙන් දින 52ක් අපි එළියෙ හිටියා හුඟක් අය හිතුවා අපි වැටුණා කියලා.

පාස්කු ඉරිදාට කලින් සිකුරාදා සහ සෙනසුරාදා හොඳ ආර්ථිකයක් තිබුණා.

ණය ගන්න විශ්වාසයක් ඇති ආර්ථිකයක් මදි. ණය ගෙවන්න පුළුවන් ආර්ථිකයකුත් ඇති කරනවා.

අපිට හැමදාම හිඟන්නො වගේ ඉන්න බැහැ අපිට ආත්ම ගෞරවයක් තියෙනවා.”

අනුග්‍රහය – අද දෙරණ

Leave A Reply

Your email address will not be published.