ගෝඨා ඇමරිකා පුරවැසිකම අවසන් කොට ශ‍්‍රී ලංකා විදෙස් ගමන් බලපත‍්‍රයක් ඉල්ලයි

පසුගිය අපේ‍්‍රල් මාසයේදී සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කළේය.

එම කටයුතු කිසිදු ප‍්‍රශ්නයකින් තොරව අවසන් වූ බවද හෙතෙම සඳහන් කළේය.

බොහෝ දෙනා නොයෙක් ප‍්‍රකාශ සිදු කළද ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමට කිසිදු බාධාවක් නොවූ බවත් හෙතෙම පැවසීය.

මේ වන විට තමා ශ‍්‍රී ලංකා ගමන් බලපත‍්‍රයක් ලබා ගැනීම සඳහා අයදුම්කර ඇති බව හෙතෙම කීය.
ජනාධිපති මැතිවරණයේ අභියෝගය භාර ගැනීමට තමා සුදානම් බවත් රාජපක්‍ෂ මහතා මෙහිදී අවධාරණය කර සිටියේය.

– divaina

Leave A Reply

Your email address will not be published.