පොහොට්ටුවේ අපේක්ෂකයා ගෝඨාභය නොවෙයි…. හේතුව ඇමැති හැරිසන් කියයි Video

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නොවන බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා.

ඔහු පැවසුවේ පක්ෂයේ ඇතැම් සමාජිකයන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම ඒ සඳහා යෝජනා කළද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එවැන්නක් තවමත් ප්‍රකාශ කර නොමැති බවයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජා ඇල ප්‍රදේශයේ මත්ස්‍ය අපනයනය ආයතනයක සිදුකල නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මාධ්‍යවේදීන් එහිදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂකයා සම්බන්ධයෙන්ද කරුණු විමසා සිටියා.

රවී කරුණානායක සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර ඇති මත ගැටුම් සම්බන්ධයෙන් කල විමසීමකදී අමාත්‍යවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් එම අමාත්‍යවරුන්ගෙන් අසා දැන ගත යුතු බවයි.

ඇතැමුන් තම පක්ෂය තුල ගැටුම් පවතින බව පැවසුවද එවැනි කිසිදු ගැටුමක් පක්ෂ අභ්‍යන්තරයේ නොමැති බවද අමාත්‍යවරයා කියා සිටියා.

Leave A Reply

Your email address will not be published.