මහින්ද විසින් ප්‍රේමදාස යුගය මතක් කරදෙයි Video

ප්‍රේමදාස යුගයකට නැවතත් ගෙනයන්න ඕනෑ යැයි ඇතැමුන් කියන බවත් ඒ තත්වෙට ගියොත් රට සුදුවෑන් නොව ටයර් සෑයවල් සංස්කෘතියක් ඇති වනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

මුල්කිරිගල දී පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආසන බල මණ්ඩලය අමතමින් ඔහු මේ බව කියා සිටියා..

තමන් බලයට පැමිණි විට පේ‍්‍රමදාස වැඩපිලිවෙල කියා ක්‍රියාත්මක කරන්නේ යැයි කිසිවකු කියන්නේ නම් තමනට මතක් වෙන්නෙ මෙවන් මෙම සිදුවීම් බවද ඔහු සඳහන් කළා.

88 89 කාලයේ එක්තරා දිනයක 150ක් සිරුරු ටයර් සෑයවල් දැවී යද්දී තමන් ඒ ගැන ඇමතිවරයකුට දැන්වූ බවත් තවත් සුළු වේලාවකින් නැවත තමන්ට ආපසු අමතා එම ඇමතිවරයා 150ක් නොව 250 දැවෙන බව කියුවේ යයිද රාජපක්ෂ මහතා පවසා සිටියා.

එකල පැවති භීෂණ වාතාවරණයට එරෙහිව කටයුතු කළ අය අතර මහින්ද රාජපක්ෂ මහතා සිටියා. එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ එතුමා වාසුදේව නානායක්කාර මහතා වැනි අය සමග ප්‍රේමදාස රජයේ භීෂණයට එරෙහිව ප්‍රභල හඬක් නැගුවා.

Leave A Reply

Your email address will not be published.