බ්‍රසීලයේ බන්ධනාගාර ගැටුමකින් පුද්ගලයින් 52 දෙනෙකු මියගොස් තිබෙනවා.
පැය පහක කාලයක් පුරා ප්‍රතිවාදී කල්ලි 2ක් සමඟ මෙම ගැටුම සිදුවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
මියගිය අයගෙන් 16 දෙනෙකුගේම හිස ගසා මරා දමා ඇති අතර බන්ධනාගාරයේ කොටසක් ගිනි තබා ඇති බවයි ලැබෙන්නේ.
ප්‍රාණ ඇපයට ගෙන සිටි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මේ වන විට නිදහස් කර ඇති බවත් විදෙස් වාර්තා පෙන්වා දෙනවා..