මුස්ලිම් අමත්‍යවරු යළි ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි.. බුද්ධික පතිරණ රාජ්‍ය ඇමැති

පසුගියදා සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමත්‍යවරු මීට සුළු වේලාවකට පෙර ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ යළි නව අමාත්‍ය ධූරයන්හි දිවුරුම් දී ඇත.

ඒ අනුව රවුෆ් හකීම් මහතා නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත් රිෂාඩ් බදියුදීන් මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී ඇත.

අමීර් අලි සෙයිඩ් මොහොමඩ් සිහාබ්දන් මහතා කෘෂිකර්ම, වාර්මාර්ග සහ ග්‍රාමීය ආර්ථීක කටයුතු රාජ්‍ය අමාත්‍ය ලෙසත් අබ්දුල්ලා මහරුෆ් මහතා වරායා හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දෙනු ලැබීය.

මේ අතර බුද්ධික පතිරණ මහතා කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

Leave A Reply

Your email address will not be published.