මේ සතිය ඔබට කොහොමද

මේෂ
ශාරීරික පීඩා

ලග්නාධිපති කුජ 4 රේ රවි බුධ සිකුරු සමඟ සිටී ශනි කේතු 9 ගමන් ගනී. මෙම ග්‍රහ පිහිටීම් තුළ කරගෙන යන කටයුතුවල කිසියම් දියුණුවක් ලබා ගනී. බාධා ප්‍රමාදතා මාධ්‍යයේය. විටෙක අන්‍යයන්ගේ ආධාර උපකාරය ඔබ බලාපොරොත්තු වන තරමට උදා නොවේ. විටෙක සිතේ සැනසිල්ල තරමක් අඩු කාලයකි. ආර්ථික වශයෙන් අයහපත් නොවුවද ඔබ බලාපොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල නොලැබේ. ගෙදර දොර කටයුතු සාමාන්‍ය වේ. සමගිය සාමයට එතරම් බාධා එල්ල නොවේ. කෙසේ වුවත් විටෙක තද ලෙස කෝපවේ. ඉවසීමෙන් බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු ගැන අවධානය යොමු කළ යුතුයි. ඉගෙනීම් කටයුතුවලදී උනන්දුව නැංවීම අවශ්‍යයි. ලේ දුෂ්‍යාබාධා, උෂ්ණාධික රෝග, වැටීම් තැලීම් තුවාල අනතුරු පීඩාදියෙන්ද ප්‍රවේශම් වන්න.

ශුභ වර්ණය : රතු ශුභ අංකය: 09 ශුභ දවස: සඳුදා

වෘෂභ
මිශ්‍රපල

ලග්නාධිපති සිකුරු 3 ද 3 අධිපති සඳු ලග්නයේද සිටී. ශනි කේතු 8 රාහු 2 සිටී. ගුරු වක්‍රව හතේය. මෙම ග්‍රහ පිහිටීම තුළ මෙම කාල සීමාව තුළ මිශ්‍රපලයි. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේදී යම් යම් බාධා අවහිරතා ඉස්මතු වන බවත් ඉවසීමෙන්ද බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා ඇති කළ හැකි බැවිනි. මිල මුදල් ලැබීම අතින් යහපත් වුවත් රාහු දෙවැන්නේ සිටීම තුළ තැන්පත් ධනයට හානී වීම් මුදල් නාස්ති වීම් යනාදියට ඉඩ පවතින බැවින් කල්පනාකාරී වන්න. ගෙදර දොර කටයුතු මෙන්ම යුග දිවිය සම්බන්ධ කටයුතු වලදී ඉවසීම අවශ්‍යයි. නොඑසේ නම් සමගිය සාමයට බාධා මතු කළ හැකි බැවින් දරුවන්ගේ කටයුතු ගැන සැලකිලිමත් වන්න. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. උදරාශ්‍රිත රෝග, මුත්‍රා දෝෂ බලපායි.

ශුභ වර්ණය: නිල් ශුභ අංකය: 06 ශුභ දවස: සිකුරාදා

මිථුන
ප්‍රමාදතා

ලග්නාධිපති බුධ රවි කුජ සිකුරු සමඟ දෙවැන්නේය. රාහු ලග්නයේද ශනි කේතු 7 ද ගුරු 6 ද ගමන් ගනී. මෙම ග්‍රහ චලිතය ගැන බැලීමේදී වෘත්තීය සහ රැකියා කටයුතු වලදීද යම් යම් බාධා ප්‍රමාදතා ඉස්මතු විය හැකි බැවින් තරමක් කල්පනාකාරී වන්න. ආර්ථික වශයෙන් විවිධ ක්ෂේත්‍රයන් තුළ ආදායම් ලැබුවද වියදම් පක්ෂය අධික වේ. මිල මුදල් සම්බන්ධ කටයුතු වලදී ප්‍රවේශම් වන්න. ගෙදර දොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු කර ගෙන යාමේදී බාධා හා ප්‍රමාදතා ඉස්මතු කළ හැකි නිසා ඉවසීමෙන් ක්‍රියා කරන්න. කෙටි ගමන් බිමන් අධික වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් සිටිය යුතුයි. ඉගෙනීම් කටයුතුවල යෙදී සිටින්නේ නම් ස්වකීය අවධානය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල උදා කරයි. ලේ දුෂ්‍යාබාධා, වෛරස් රෝග, උෂ්ණාධික රෝගාදියෙන් ප්‍රවේශම් විය යුතුයි.

ශුභ වර්ණය : කොළ ශුභ අංකය: 05 ශුභ දවස: බදාදා

කටක
සමපල

ලග්නාධිපති සඳු අයස්ථානයේය. රාහු 12 කේතු ශනි 6 ද, ගුරු 5 ද ගමන් ගනී. මෙම ග්‍රහ චලිතයන් තුළ වෘත්තීය සහ රැකියා කටයුතු කරගෙන යාමේදී යම් යම් බාධා ප්‍රමාදතා ඇති කළ හැක. උසස් අයගේ සහයෝගය බලාපොරොත්තු වන තරමට සාර්ථක නැත. මිල මුදල් ලැබීම අතින් වුවද එතරම් යහපත් නැත. ආදායම් ලැබුවද මුදල් ඉතිරි කර ගැනීම අසීරුයි. ගෙදර දොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත්ය. සමගිය සාමයට එතරම්ම බාධා ඇති නොවේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි කාලයත් ධනයත් ශ්‍රමයත් වැයවේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිපලයක් ලැබිය හැක. බඩවැල් ආශ්‍රිත රෝග උදරාශ්‍රිත පීඩා, උෂ්ණාධික ලේ දුෂ්‍යාබාධ වලින් ප්‍රවේශම් වන්න.

ශුභ වර්ණය: ක්‍රීම් පාට ශුභ අංකය: 02 ශුභ දවස: සඳුදා

සිංහ
වියදම් අධිකයි

ලග්නාධිපති රවි කුජ බුධ සිකුරු 12 සිටී. රාහු අයස්ථානයේද ශනි කේතු 5 ද ගුරු 4ද ගමන් කරයි. හොඳින් ආශ්‍රය කළ තමන්ගෙන් උදව් උපකාරගත් කෙනෙක් තමන්ව රවටනවා ඇත. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු වලදී තරමක් ප්‍රවේශම් විය යුතුයි. මිල මුදල් ලැබීම අතින් එතරම්ම ශුභදායක නොවේ. ආදායම් ලැබුණද වියදම් පක්ෂය පාලනය කර ගැනීම අසීරු වේ. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී ආකූලතා ව්‍යාකූලතා ඇති කළ හැක. ඉවසීමෙන්ද බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු කෙරෙහි සැලකිලිමත් වන්න. ඉගෙනීම් අංශවල යෙදී සිටින අයට පර්යේෂණ කටයුතු වලට ශුභයි. උදරාශ්‍රිත රෝග, මේදය අධිකවීමෙන් ‍සෑදෙන රෝග ආදියෙන් ප්‍රවේශම් වන්න.

ශුභ වර්ණය: රතු ශුභ අංකය: 01 ශුභ දිනය: ඉරිදා

කන්‍යා
බාධා

ලග්නාධිපති බුධ රවි, සිකුරු කුජ, අයස්ථානයේය. රාහු 10 ද ශනි කේතු 4 ද ගුරු 3 ද ගමන් ගනී. මෙම ග්‍රහ ගෝචරයන් ගැන බැලීමේදී තමා‍ගේ කටයුතුවලදී ඔබ බලාපොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල උදා නොවේ. අන්‍යයන්ගේ සහාය ලැබීම තරමක් අසීරුයි. මිල මුදල් ලැබීම අතින් ශුභදායක වේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීම තුළ ආදායම් මාර්ග හදා ගනී. ගෙදර දොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු ද යහපත්වේ. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු වල දියුණුවක් ගෙනදේ. අධ්‍යාපන ක්ෂේත්‍රවල යෙදී සිටින අයට අලුත් විෂයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. රුධිර පීඩනය, මුත්‍රා දෝෂ, උදරාශ්‍රිත රෝග, ලේ දුෂ්‍යාවීම් වලින් ප්‍රවේශම් වන්න.

ශුභ වර්ණය : කොළ ශුභ අංකය :05 ශුභ දිනය: බදාදා

තුලා
ගැටලු

ලග්නාධිපති සිකුරු – රවි- කුජ- බුධ කර්මස්ථානයේද, රාහු පුණ්‍ය ස්ථානයේද, ශනි කේතු 03 ද, ගුරු දෙවැන්නේද ගමන් කරයි. මෙම පිහිටීම් ග්‍රහ ගෝචරයේ සැලකීමේදී යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මධ්‍යයේ වුවද වෘත්තීය සහ රැකියා අංශයේ කිසියම් අන්දමක දියුණුවක් ලබයි. කරගෙන යන කටයුතුවල කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලබයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභයි. විටෙක ලොකු ලාභ පවා ලැබෙන්නට ඉඩ ඇත. ගෙදර දොර කටයුතු සහ යුග දිවිය සම්බන්ධ කටයුතු සාර්ථකවේ. ක්‍රමික දියුණුවක් වේ. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතුවල දියුණුවක් ලබයි. උත්සවවලට ප්‍රිය සම්භාෂණවලට ආරාධනා ලැබේ. මිත්‍ර සංගම් ඇතිවේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. තම‍‍ාගේ ශරීර සෞඛ්‍ය ගැන ප්‍රවේශම් වන්න.

ශුභ වර්ණය: නිල් ශුභ අංකය : 06 ශුභ දිනය: සිකුරාදා

වෘශ්චික
කල්පනාකාරි වන්න

ලග්නාධිපති කුජ රවි බුධ සිකුරු භාග්‍ය ස්ථානයේද රාහු අටේ ශනි කේතු දෙවැන්නේද ගුරු ලග්නයේද ගෝචරවේ. මිල මුදල් සම්බන්ධයෙන් එතරම්ම ශුභදායක නැත. ලාභ අඩුවේ. නොතේරුම් කමින් කරගන්නා වැඩ කටයුතු නිසා අලාභ පාඩු ඇතිවේ. වෘත්තීය සහ රැකියා අංශවලදී වුවද කල්පනාකාරී වන්න. උසස් නිලධාරීන් සමඟ කටයුතු කිරීමේදී සැලකිලිමත් වන්න. ගෙදර දොර කටයුතු සහ යුගදිවිය සම්බන්ධ කටයුතු වලදී බලාපොරොත්තු රහිත කරදර මතු වනු ඇත. සමගිය සහ සාමය ගැන අවධානය යොමු කරන්න. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැයවේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. උෂ්ණාධික රෝග, ඇස්වල පීඩාකාරී බව, ලේ දුෂ්‍යාබාධාවලට ඉඩ පවතී.

ශුභ වර්ණය: රතු ශුභ අංකය: 09 ශුභ දිනය: බ්‍රහස්පතින්දා

ධනු
සමපල

ලග්නාධිපති ගුරු 12 ද ශනි කේතු ලග්නයේද රාහු 7 ද, රවි කුජ බුධ සිකුරු අටේද ගමන් ගනී. මෙම ග්‍රහ ගෝචරයන් ගැන සැලකීමේදී වෘත්තිය සහ රැකියා ක්ෂේත්‍රයේදී තරමක් කල්පනාකාරී විය යුතුයි. යම් යම් බාධා අවහිරතා ඉස්මතු කළ හැකි බැවිනි. ස්ථානගත වෙනස්කම් වලට ඉඩ පවතී. මිල මුදල් ලැබීම අතින් යහපත් බවක් පෙන්නුවද විටෙක වියදම් පක්ෂය පාලනය කර ගැනීම අසීරු වේ. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී කල්පනාකාරී වන්න. ගෙදර දොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු සාමාන්‍ය වේ. සමගිය සාමයට යහපත්ය. දරුවන්ගේ කටයුතු උදෙසා අවධානයෙන් සිටිය යුතුයි. අධ්‍යාපන අංශවලදී උත්සාහය සහ කැපවීම අවශ්‍යයි. උෂ්ණාධික රෝග, ජලයෙන් පීඩා, තුවාල අනතුරු යනාදියෙන් ප්‍රවේශම් වන්න.

ශුභ වර්ණය: රන්වන් ශුභ අංකය: 03 ශුභ දවස: බ්‍රහස්පතින්දා

මකර
ශුභදායකයි

ලග්නාධිපති ශනි කේතු 12 ද, ගුරු අයස්ථානයේද, රවි කුජ බුධ සිකුරු හරිමැද ගමන් ගනී. ග්‍රහ පිහිටීම තුළ යම් යම් සුළු බාධා ප්‍රමාදතා ඇතත් ස්වකීය උත්සාහය තුළ වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේදී කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදාකර ගනී. අන්‍යයන්ගේ සහයෝගය ලැබීම තුළ තමාගේ කටයුතු සාර්ථක‍වේ. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. විවිධ අංශයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ලබා ගත හැක. ගෙදර දොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී සමගිය සාමය සුරක්ෂිත වේ. දරුව‍ාගේ කටයුතු වල දියුණුවක් ලබයි. රුධිර පීඩනය, උදරගත පීඩා, උෂ්ණාධික රෝග බලපායි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට විවිධ විෂයන් හැදෑරීමට අවස්ථාව සැලසේ.

ශුභ වර්ණය: නිල් ශුභ අංකය: 08 ශුභ දිනය: සෙනසුරාදා

කුම්භ
මිශ්‍රපල

ලග්නාධිපති ශනි කේතු සමඟ අටවැනි ස්ථානයේය.රවි- කුජ- බුධ- සිකුරු හය වැන්නේද, රාහු 5 ද ගුරු කර්මස්ථානය වූ 10ද ගමන් කරයි. මෙම කරුණු සියල්ලම ගැන සැලකීමේදී වැඩ කටයුතු කරගෙන යාමේදී බාධා අවහිරතා ඇතිවේ. උත්සාහ යන්ගේ ප්‍රතිඵල ලැබීම අසීරු වේ. ස්ථාන සහ වෙනස්කම් ඇතිවේ. මිල මුදල් ලැබීම අතින් වුවද එතරම් සාර්ථක නොවේ. මුදල් ඉපයීමට වැරදි මාර්ගවලට නොයන්න. ගෙදර දොර කටයුතු වගේම යුගදිවිය සම්බන්ධ කටයුතු වලදී වැඩ කටයුතු අධික වීම නිසා ශරීර විඩාව ඇතිවේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කර ගත හැක. උෂ්ණාධික රෝග ලේ දුෂ්‍යාබාධවලට මෙන්ම අනතුරු පීඩාදියෙන්ද ප්‍රවේශම් විය යුතුයි.

ශුභ වර්ණය : නිල් ශුභ අංකය : 06 ශුභ දවස : සෙනසුරාදා

මීන
ධර්මයට ළැදිය

ලග්නාධිපති ගුරු භාග්‍ය ස්ථානයේය. ශනි කේතු 10 ද රාහු 4 ද රවි- කුජ- බුධ – සිකුරු පූර්ව පුණ්‍යස්ථානයේ ද වූ 5 වැන්නේය. මෙම ග්‍රහ ගෝචරයන් ගැන සැලකීමේදී වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රවල කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැකි වුවද බාධා අවහිරතා ඉස්මතු වේ. මිල මුදල් ලැබීම අතින් යහපත් වුවද වියදම් පක්ෂය පාලනය කිරීම අසීරු වේ. ගෙදර දොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු කටයුතු වලදීද විටින් විට සමගියට සාමයට බාධා ඇති විය හැකි නිසා ඉවසීමෙන්ද බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැයවේ. අධ්‍යාපන ක්ෂේත්‍රවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය කැපවීම තුළ කිසියම් අන්දමක සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. උෂ්ණාධික රෝග, ලේ දුෂ්‍යාබාධා, උදරාශ්‍රිත පීඩාදියෙන් ප්‍රවේශම් විය යුතුය.

ශුභ වර්ණය: රන්වන් ශුභ අංකය: 03 ශුභ දිනය: බ්‍රහස්පතින්දා

Leave A Reply

Your email address will not be published.