සංචාරක බංගලාදේශ කණ්ඩායම සමග අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවති දෙවන එක්දින තරගය කඩුළු 07 ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දු ඕවර 50 තුලදී කඩුළු 08 ක් දැවී ලකුණු 238 ක් ලබා ගත්තා.
පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ආණ්ඩු වාර 44 පන්දු 4 කදී කඩුළු 03 ක් දැවී ලකුණු 242 ක් ලබා ගත්තා.
බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මුශ්ෆිකාර් රහීම් නොදැවී ලකුණු 98 ක් රැස් කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු අගනා ලකුණු 82 ක් සහ ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 52 ක් රැස් කළා.
මේ අනුව තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ ජයග්‍රහණය ද ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගෙන තිබෙනවා. ඒ 2-0 ක්වශයෙන්.
දෙරට අතර තුන්වන තරගය ජුලි 31 වැනිදා පැවැත්වීමට නියමිතයි.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුගේ පියා හදිසියේ අසනීප වීමෙන් රෝහල් ගත කර ඇති ගන්නට ලැබෙනවා..
අවිශ්කගේ පියා විශේෂ ආරාධිතයන්ගේ කුටියේ තරගය නරඹමින් සිටියදී එක්වරම සිහිසුන්ව ඇද වැටී ඇති අතර එහි සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල මහතා වහා ගිලන් රථයක් ගෙන්වා ඔහුව රෝහල වෙත යොමු කර තිබෙනවා.