ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් නොකර චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට බොහෝදුරට ඉඩකඩ ඇති බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා.
ඊයේ කැකිරාව ප්‍රදේශයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතා අමාත්‍යවරයා මේ බව සඳහන් කලා.
ජනාධිපතිවරයෙකු වීම සඳහා අවශ්‍ය පුද්ගලයකුට සුදුසුකම් මොනවාදැයි මාධ්‍යවේදීහු අමාත්‍යවරයාගෙන් විමසීමක් කිරීමේ දී අමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපතිවරයෙකු වීම සඳහා ඇති එකම සුදුසුකම ජනතා කැමැත්ත බවයි..
අමාත්‍ය පී හැරිසන් මහතා කියා සිටියේ සමාජ ආර්ථික මෙන්ම ජාත්‍යන්තර සබඳකම් ආදී දැනුමෙන් පිරිපුන් පුද්ගලයකු වූ ජනාධිපති අපේක්ෂකත්වය දැරීමට සුදුසු බවයි..
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වීම් ළඟදීම තම පක්ෂයේ සුදුසු අපේක්ෂකයා ඉදිරිපත් කරන බවත් එතෙක් විවිධ අය තමන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රරචාරණ කටයුතු සිදුකරගෙන යෑම පලක් නොවන බව අමාත්‍යවරයා හෙතෙම සඳහන් කළා.
මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම පසුගියදා සුළු පක්ෂ සමග අවබෝධතා ගිවිසුම අත්සන් කරන අවස්ථාවේදී එම රූපරාමු සියුම් ලෙස බැලීමේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධූර අපේක්ෂකත්වය නොලැබෙන බවත් චමල් රාජපක්ෂ මහතා අපේක්ෂකයා ලෙස හඳුන්වා දීමට එහි කටයුතු සිදුවෙන බවක් පෙනී යන බව අමාත්‍ය පී හැරිසන් මහතා ප්‍රකාශ කරනවා.