කිලිනොච්චිය, ආරක්ෂක සේනා නිලධාරීන් විසින් ස්ථාපිත කළ කිලිනොච්චිය අංගම්පොර ගම්මානය විවෘත කිරීම යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජේ.වි.රවිප්‍රිය මහතාගේ මෙහෙයවීම යටතේ කිලිනොච්චිය ආරක්ෂක සේනා අංම්පොර ගම්මානය ඉදිකෙරුණා.
යුද හමුදා නිලධාරීන් 56 දෙනෙකුගෙන් සමන්විත අංගම්පොර සංචිතය වෙනුවෙනුයි කිලිනොච්චිය අංගම්පොර ගම්මානය ඉදිකෙරුනේ.
අංගම්පොර සටන් ආචාර්ය දේවේන්ද ගුරුන්නාන්සේගේ මෙහෙයවීම යටතේ යුද හමුදා අංගම්පොර නිලධාරීන් පුහුණු කරනු ලබයි .
අංගම්පොර ගම්මානය විවෘත කිරීමේ වැඩසටහන් අවස්ථාවට සමගාමීව යුද හමුදා අංගම්පොර ශිල්පීන් කළ එළි දැක්වීමේ සටන් සංදර්ශනයක්ද ඉරණමඩු වැව් තාවුල්ලේදී පැවැත්වුණා.