ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරිම වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග අද එක්දින පිටියෙන් සමු ගත්තා.
ඒ බංගලාදේශ සමග පැවති පළමු එක්දින තරගයට සහභාගී වෙමින්.
ඔහු මේ තරයේදී කඩුලූ තුනක් ලබා ගත්තේ අවසන් තරගයේ කඩුල්ලද තමන් සතු කර ගනිමින්.
පැමිණ සිටි අති විශාල ප්‍රේක්ෂක පිරිසක් අමතමින් ඔහු කියා සිටියේ 2008 වසරේදී තම පාදයේ ආබාධයක් පැමිණ තිබූ බවත් කිසිවෙකු තමන් දෙස බැලූ අවස්ථාවක හිටපු ජනාධිපතිතුමා තමන්ට වෛද්‍යවරයෙක් හදුන්වා දී තමන් සුවපත් කල බවයි.
අදත, හෙටත්, හැමදාටමත් තමන් මහින්ද රාජපක්‍ෂ මහතාට පින් දෙන බව සදහන් කලේ පේක්‍ෂක ඔල්වරසන් මැද්දේ.
මහින්ද රාජපක්‍ෂ මහතාද මාලිංගගේ අවසන් තරගය නැරඹීම සදහා එක්ව සිටියා.