සජිත් හරි වෙන යුඇන්පී කෙනෙක් හරි දැම්මේ නැත්නම් මං මරාගෙන මැරෙනවා..- සුජීව සේනසිංහ අගමැතිට කියයි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නොවන පුද්ගලයකු ඉදිරිපත් කළහොත් තමන් බෝම්බයක් බැදගෙන මරාගෙන මැරෙන බව ඇමැති සුජීව සේනසිංහ මහතා සඳහන් කර තිබේ.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ පසුගිය අඟහරුවාදා පැවති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවේදීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවතියේ අරලිගහ මන්දිරයේදීය.

‘අවුරුදු දොළහක ඉඳන් අපි සජිත්ව ඉල්ලනවා. සර් දෙන්නෑ. අවුරුදු විසි පහක් තිස්සේ සර් නායකයා. නමුත් අපිට ජනාධිපති කෙනෙක් නෑ. මම එකක් කියන්නම් මේ පාරත් සර් පිටතින් කෙනෙක් දාන්න උත්සාහ කරමින් ඉන්නවා. එහෙම වුනොත් මම බෝම්බයක් බැඳගෙන මරාගෙන මැරෙනවා’ යයි සුජීව සේනසිංහ මහතා විසින් කරන ලද ප‍්‍රකාශයට මන්ත්‍රී කණ්ඩායම අත්පොලසන් දී ඇත.

උපුටා ගැනීම – ලංකා සී නිවුස්

Leave A Reply

Your email address will not be published.