ඉදිරියේදී ශ්‍රී ලංකා එකට එක්වන අය ගැන වෙල්ගම කියයි

තවත් දැවැන්තයින් පිරිසක් ඉදිරි දින වලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ කොලොන්නාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් .

ඉදිරියේදී නොසිතූ පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වනු ඇති බව පැවසූ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිව කිසිවෙකුට ජනාධිපති වීම හෝ ආණ්ඩු පිහිටුවීම කළ නොහැකි බවද පැවසුවා.

Leave A Reply

Your email address will not be published.