පොහොට්ටුව ගිවිසුම්ගත වූ පක්‍ෂ 10 මෙන්න..

ඉදිරි මැතිවරණවලට මුහුණ දීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන තවත් දේශපාලන පක්‍ෂ කිහිපයක් සමඟින් අවබෝධතා ගිවිසුම්වලට අද එළැඹ තිබෙනවා.

මෙම කටයුත්ත සිදු කෙරුණේ විජේරාම පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී .

මෙසේ ගිවිසුම් ගතව ඇත්තේ දැනට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවලට අමතරව පාර්ලිමේන්තුව නියෝජනය නොකරන නමුත් පිළිගත් දේශපාලන පක්ෂ දහයක් සමගින්.

එසේ ගිවිසුම්ගත වූ දේශපාලන පක්‍ෂ මෙන්න.

නව සිහල උරුමය
මව්බිම ජනතා පක්ෂය
මුස්ලිම් උලමා පක්ෂය
එක්සත් ලංකා මහා සභාව
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය
ලංකා කම්කරු එක්සත් පෙරමුණ
තමිල එක්සත් නිදහස් පෙරමුණ
ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
ලිබරල් පක්ෂය
භූමිපුත්‍ර පක්ෂය

Leave A Reply

Your email address will not be published.