ඉසාලම් නීති වෙනස් කරන්න දෙන්නේ නෑ.. හොඳටම තරහ ගියපු අසාද් සාලි රතන හිමිට කී දේ මෙන්න..Video

ඉස්ලාමයේ නීති වෙනස් කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසනවා.

ඊයේ(25) කොළඹ පැවති මාධ්‍ය හමුවක එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

වෛද්‍ය ෂාෆිට විරුද්ධව, නගර සභා සේවකයින් ගෙනැවිත් උද්ඝෝෂණයක් පැවැත් වු බව ද සඳහන් කරන හිටපු ආණ්ඩුකාරවරයා, පැලෝපීය නාල පිළිබඳ විද්වතුන් බවට රතන හිමියන් පත්ව ඇතැයි ද පැවසුවා.

පැලෝපීය නාලය කොහොමද මිරිකුවේ කියලා හාමුදුරුවෝ දන්නා බව ද පවසා සිටින අසාද් සාලි මහතා, PHD ය විමල් වීරවංශ මහතා විසින් ගෙන ඇති බව ද සඳහන් කලා.

එහි මහා පණ්ඩිතයා වන්නේ උදය ගම්මන්පිල මහතා බවද පැවසු ඒ මහතා, වෛද්‍යවරයා එල්ලා මැරිය යුතු බව පවසන බව ද කියා සිටියා.

සිදුකල යුත්තේ කුමක් ද යන්න උසාවියකින් තීරණය කිරීමට පෙර, සියලු දෙනා මෙය තීන්දු කර අවසන් බව ද පැවසු අසාද් සාලි මහතා, මෙයින් අධිකරණයට නඩු කටයුත්තක් සිදු කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ද පැවසීය.

වත්මන් ආණ්ඩුව අහිංසක මිනිසුන්ව මාස 3ක් පුරා තබා ගෙන සිටින බවත් ඔවුන්ව නිදහස් කිරීමට කටයුතු කළ යුතු බවත් පැවසු අසාද් සාලි මහතා, ඔවුන්ව නිදහස් කරන්න බැරි අයට හෙණ ගසන බව ද කියා සිටියේය.

රතන හිමියන්ව අත්අඩංගුවට ගන්න බැරි ඇයි යනුවෙන් ප්‍රශ්න කර සිටි අසාද් සාලි මහතා, ඉතිහාසය පුරා ආණ්ඩුවලට රතන හිමියන් වැරදි කළ බව ද පැවසුවා.

ශරියා නීතිය ගැන වරදවා වටහා ගත යුතු නොවන බවත් පැවසු ඒ මහතා, එය කිසිවෙකුට බලපෑමක් සිදු කරන දෙයක් නොවන බවද සඳහන් කළා.

ශරියා කියන්නේ අපිට පිළිපදින්න තියෙන දෙයක් මිසක් ආණ්ඩුවට පිළිපැදීමට හෝ එහි ඉන්න ඇමතිවරුන්ට පිළිපැදිය යුතු දෙයක් නොවන බවත් පැවසු අසාද් සාලි මහතා, එයට අත තැබීමට කිසිවිටෙකත් ඉඩක් නොමැති බව ද ප්‍රකාශ කළා.

Leave A Reply

Your email address will not be published.