බුත්තල සත්පෝරුව රාජ මහා විහාරස්ථානයේ ඉපැරණි චෛත්‍ය හාරා නිධන් සෙවූ පුද්ගලයන් දෙදෙනකු දිසා පුරාවස්තු ආරක්ෂක විශේෂ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් මෙම විහාරස්ථානයේ ඉපැරැණි චෛත්‍යය දෝනාවක් ආකාරයෙන් අඩි ගණනක් හාරා පසුව සූක්ෂම ලෙස ලෑලි අතුරා වසා දමා තිබෙනවා.
විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේට ඇති වූ සැකයක් මත පොලීසියට පැමිණිලි කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත්තා.
මෙම චෛත්‍ය විනාශ කිරීමට පෙර අසළ නිවසක සුනඛයන් හත් දෙනෙකුට ද වස ලබා දී මරා දමා තිබෙන බවයි දැන ගන්නට ලැබෙන්නේ..
සිද්ධියට සම්බන්ධ අවුරුදු 34 සහ 36 යන වයස් වල පසුවන සැ කකරුවන් දෙදෙනකු අත්අඩංගුවට පත් වී ඇති අතර ඔවුන් සත්පෝරුව ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලීසිය ප්‍රකාශ කර ඇත.
සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස අට වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති තිබෙනවා.
බුත්තල පොලීසිය සහ දිසා පුරාවස්තු ආරක්ෂක විශේෂ පොලිස් ඒකකය ඉදිරි විමර්ශන සිදු කරනවා.
මෙම විහාරස්ථානය දේවානම්පියතිස්ස රජු සමයේ ඉදිකළ ඉපැරැණි විහාරස්ථානයකි.
එය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙතිස් ඵල බෝධීන් වහන්සේ නමක්ද වැඩ වාසය කරන ඉපැරැණි විහාරස්ථානයක් බව ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කරනවා.