ශ්‍රී ලාංකේය ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේ විප්ලවීය පරිවර්තනයක් සිදු කරමින් ඩෙල් ටෙක්නොලොජීස් සමාගම, ව්‍යාපාරික සේවා වඩා පහසුකරමින් ක්ලවුඩ් (cloud) තාක්ෂණික සේවාව පුළුල් කර ඇත. මෙම නව තාක්ෂණික පුළුල් කිරීම ඔස්සේ පාරිභෝගිකයන්ට සිය දත්ත ගබඩා කිරීම, භාවිත කිරීම, හුවමාරු කිරිම සහ ආරක්ෂා කිරීමට අදාල ප්‍රතිලාභ රැසක් අත්පත් කරගැනීමේ හැකියාව හිමි වේ.
මේ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ shangrila හෝටලයේදී පැවති අතර එම අවස්ථාව සඳහා ඩෙල් ටෙක්නොලොජීස් සමාගමේ නැගී එන වෙළඳපොල සහ දකුණු ආසියානු පාරිභෝගීක ව්‍යාපාර අංශයේ (Asia Emerging Markets and South Asia Consumer Business, Dell Technologies) උපසභාපති අනොතායි වෙට්ටයොකොන් (Anothai Wettayakorn) ඩෙල් ටෙක්නොලොජීස් (Dell Technologies) හි ශ්‍රී ලංකා කළමනාකරු ක්‍රිෂාන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් සහභාගී වුහ. මෙම වැඩසටහනට ප්‍රධාන අනුග්‍රාහකත්වය සැපයුවේ ඩෙල් ටෙක්නොලොජීස් හී පාර්ශවකරුවන් වන Pinnacle Distribution Lanka සහ REDINGTON SL ය.
ඩෙල් සමාගමේ ශ්‍රී ලංකා කළමනාකරු ක්‍රිෂාන් ප්‍රනාන්දු සඳහන් කළේ ”තොරතුරු තාක්ෂණය විසින් ව්යාපාරික සේවා විශාල පරිවර්තනයකට ලක් කර තිබෙනවා. පාරිභෝගිකයන්ට භාණ්ඩ සහ සේවා සැපයීමේදී ඇතිවන අභියෝග වටහා ගනිමින් මෙම අභියෝග ජය ගැනීම ව්‍යාපාරිකයන් සතු වගකීමක්.ඩෙල් සමාගම වශයෙන් අප මේ සඳහා තරගකාරී, යෝග්ය පටිපාටියක් හඳුන්වා දී තිබෙනවා. මෙම සම්මන්ත්‍රණය, ජනතාව අතරට එම පණිවුඩය රැගෙන යාම සඳහා වූ වේදිකාවක් වශයෙන් හඳුන්වා දෙන්නට පුළුවන්. ව්‍යාපාරික පාර්ශවයෙන් සැපයුම් සහ ව්‍යාපාරික ඵලදායිතාව ඇති කිරීමටත් පාරිභෝගික පාර්ශවයෙන් කාලය සහ වියදම් ආරක්ෂා කිරීමටත් නිසි වැඩපිළිවෙලක් මෙමගින් හඳුන්වා දී තිබෙනවා.
ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ”නවීන සැපයුම් සේවා ක්‍රමවේද ක්‍රමිකව ක්ලවුඩ් (cloud) තාක්ෂණය මත යැපෙමින් වැඩිදියුණු තත්වයක් කරා ළඟා වෙමින් පවතිනවා. නව සේවා සැපයීමේ ක්‍රියාවලිය සඳහා ක්ලවුඩ් තාක්ෂණික සේවා පෙළ (Dell Technologies Cloud portfolio) ඇතුලත් ඩෙල් ටෙක්නොලොජීස් ක්ලවුඩ් පීඨ (Dell Technologies Cloud Platforms) සහ නව දත්ත මුලස්ථානය ඔස්සේ මිලදී ගැනීම්, සැපයීම්, සේවා හා මුල්‍ය කටයුතු සඳහා පහසුකම් සපයනවා’’.
Gartner සමීක්ෂණයට අනුව ව්‍යාපාරිකයන් 67 % ක් ප්‍රකාශ කර ඇත්තේ 2020 වසරට ප්‍රථම ඔවුන් සිය ව්‍යාපාර ඩිජිටල්කරණයට බඳුන් නොකළහොත් එම ව්‍යාපාර විනාශ වී යා හැකි බවයි . එහෙත් ඩිජිටල්කරණය පිළිබඳ මෙලෙස ලොව පුරා ව්‍යාපාරික ප්‍රජාව උනන්දු වුවද ඩෙල් ටෙක්නොලොජීස් ඩිජිටල් පරිවර්තන දර්ශකයට (Dell Technologies Digital Transformation Index) අනුව ගෝලීය වශයෙන් ව්‍යාපාර ඩිජිටල්කරණයට ලක් වී ඇත්තේ තවමත් 5% ක් වැනි සුළු ප්‍ර මාණයක් පමණි.
එම අධ්‍යනය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ව්‍යාපාර ඩිජිටල්කරණය සඳහාවූ වැඩසටහන් තවමත් ළදරු අවස්ථාවේ පවතින බවය. එසේම ව්‍යාපාරිකයන්ගෙන් 78% ක් පෙන්වා දෙන්නේ ඩිජිටල්කරණ වැඩපිළිවෙල ව්‍යාපාරවල එක් අංශයකට සීමා නොවී සමස්ත ව්‍යාපාර ආයතන ව්‍යූහය පුරාම ව්‍යාප්ත විය යුතු බවය.
නව ලෝකය හා යාවෙමින් සිය පාරිභෝගිකයන්ගේ කාලය සහ ශ්‍රමය ආරක්ෂා කිරීම සඳහා ඩෙල් ටෙක්නොලොජීස් විසින් සේවා පහසුකම් රැසක් මෙම නව තාක්ෂණික වැඩපිළිවෙල ඔස්සේ හඳුන්වා දී ඇත.
මෙම අවස්ථාව අමතමින් වෙට්ටයොකොන් මහතා (Wettayakorn) සඳහන් කළේ “ඩෙල් ටෙක්නොලොජීස් නිරන්තරයෙන්ම සිය නව නිර්මාණාත්මක ක්‍රියාවලීන් ඔස්සේ අප පාරිභෝගිකයන් වෙත තොරතුරු තාක්ෂණය සරල කර තිබෙනවා. හඳුන්වා දී ඇති මෙම නව විසදුම්, අපගේ පාරිභෝගිකයන් ඩිජිටල් පරිවර්තනයක් කරා රැගෙන යන බව අප විශ්වාස කරනවා’’ යනුවෙනි.
Dell, Dell EMC, Pivotal, RSA, Secureworks, Virtustream සහ VMware ඇතුළත් වූ ඩෙල් ටෙක්නොලොජීස් ආයතනය, අනාගත ඩිජිටල් සංක්‍රාන්තිය උදෙසා ඇපකැප වී ක්‍රියා කරන විවිධ ආයතන සඳහා සහයෝගය දක්වන පුරෝගාමී තොරතුරු තාක්ෂණික සේවා ආයතනයක් වේ. මෙම ආයතනය තොරතුරු තාක්ෂණික ක්ෂේත්රයේ අද්විතීය නව තාක්ෂණික මානයන් ඔස්සේ සිය පාරිභෝගිකයන්ට උසස් සේවාවක් ලබා දීම උදෙසා ඇපකැප වී ක්‍රියා කරයි.