ඇමති සජිත් ෆුට්බෝල් ගහයි Video

මුලතිව් හි ඉදි කළ 223 සහ 224 වන උදා ගම්මාන ජනතා අයිතියට පත් කිරීම ඊයේ සිදු වුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී අදහස් දක්වමින් අමාතවරයා කියා සිටියේ ජාතිය, ආගම, කුලය, පංතිය කුමක් වුවත් සම පුරවැසියෙක්ම එක හා සමාන බවට මේ රටේ සෑම පුරවැසියෙක්ටම හදවතේ හැඟීමක් ඇතිවිය යුතු බවයි. ඒ හැමෝටම එක රටක් තුළ එක විදියට සලකන්නට වුවමනා බවද ඔහු පැවසුවා. එවිට රට ගොඩනැගෙන බවත්, එවන් ශ්‍රී ලංකාවක් ගොඩනගන්නට සජිත් ප්‍රේමදාස ලෑස්තියි යනුවෙන් ද අමාතවරයා පවසා සිටියේය..
ඉන්පසුව අමාතවරයා පාපන්දු ක්‍රීඩා කරන්නටද සහභාගී වුණා.

Leave A Reply

Your email address will not be published.