19 වැනි සංශෝධනය නිසා රට ඉදිරියට ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව එම සංශෝධනයේ නිර්මාතෘ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි.
අද පාර්ලිමේන්තුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
“19 සංශෝධනයේ සැර බාල කිරීම් නිසා ප්‍රශ්නයක් ඇතිවෙලා.
19 මෙතරම් නරක්වෙයි කියලා අපි හිතුවේ නැහැ.
ජනපති සහ අගමැති විරසක වුණොත් ඉතාම නරකයි.
2020 න් පසු ජනපතිගේ බලතල තව අඩුවෙනවා
එම ධුරය දරණ ගමන් අමාත්‍යධුර දරන්න බැහැ.
අද තියෙන ජනපති බලතල ඉදිරියට තියෙනවා.
ජනපති මැදුරේ සිට පාර්ලිමේන්තුවට විරුද්ධව කෙරෙන කෙනෙහෙලිකම් 2020 න් පසුවත් කළ හැකියි.
ඊළඟ ජනපතිට ඉතිරි වෙලා තියෙන බලතල ඇති පාර්ලිමේන්තුවට කෙනෙහෙලිකම් කරන්න.
ජනපති පොරොන්දු වුණා විධායකය නැතිකරන්න.”