ලසිත් මාලිංග ක්‍රීඩා කරන අවසන් එක්දින තරගය හෙට පැවැත්වෙනවා. ඒ බංග්ලාදේශ කණ්ඩායම සමගින්.
මීට පෙර එංගලන්තයේ සිටියදී මාලිංග කියා සිටියේ තමන් සහභාගී වන අවසන් තරගයට නුවන් කුලසේකර ක්‍රීඩා කරනු දැකීම තමන්ගේ සිහිනයක් බවයි. නමුත් එය සිහිනයක් ම කරමින් ඔහුව මෙම තරගාවලියට තෝරා නොගන්නට තේරීම් කමිටුව තීරණය කළා. ඉන් සිදු වුනේ නුවන් කුලසේකර ක්‍රිකට් වලින් සමුගැනීම ඉක්මන් වීමක් පමණයි.
කෙසේ නමුත් ලසිත් මාලිංග කුලසේකරට පවසන්නේ තමා ක්‍රීඩා කරන අවසන් තරගයට ප්‍රේක්ෂකයෙකු ලෙසවත් සහභාගී වන ලෙසයි.