ඉදිරි ජනාධිපතිවරණයේදී මුස්ලිම් ජනතාවගේ ඡන්දය නැතිව කිසිවෙකුට මේ රටේ ජනාධිපති විය නොහැකි බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පවසනවා.
කාත්තන්කුඩි ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.
ජේ ආර් ජයවර්ධනගේ සිට මෛත්‍රීපාල සිරිසේන දක්වා සියලු ජනාධිපතිවරුන් මෙරට බලයට ගෙන ආවේ මුස්ලිම්වරුන් විසින් බවයි ඔහු සඳහන් කළේ.
වර්තමාන ජනාධිපතිවරයාට මුස්ලිම් ජනතාව ඡන්දය නොදුන්නේ නම් ඔහුට ජනාධිපති විය නොහැකි වූ බවත් ලක්ෂ 8ක පමණ මුස්ලිම් ජනතාවක් ඔහුට ඡන්දය දුන් බවත් හිටපු ආණ්ඩුකාරයා සඳහන් කළා.
මුස්ලිම් චන්ද නැතිව ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයගත හැකි යැයි ඇතැමුන් ප්‍රකාශ කළ ද මුස්ලිම් ජනතාවගේ ඡන්දය නැතුව කිසිම පුද්ගලයෙකුට ජනාධිපති පුටුවේ අසුන් ගත නොහැකි බව තමන් අභියෝග කරන බවද ඔහු කියා සිටියා.