එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා හිස් වෙයි… සෙනග නැති නිසා අගමැති වේදිකාවට ගොඩ නොවී ආපසු හැරී යයි

දෙවන එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය අද අනුරාධපුරයේ දී ආරම්භ වුණා. ඒ අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනයේ දී. ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ සහභාගී වීමට නියමිතව තිබුණා. නමුත් ප්‍රදර්ශන භූමියට පැමිණ ප්‍රදර්ශන කුටි කිහිපයක් නැරඹු අගමැතිවරයා වේදිකාවට ගොඩ නොවැදී පිටව ගිය බවයි දැන ගන්නට ලැබුණේ. එයට හේතුව අඩු ජනතා සහභාගිත්වය විය හැකි බව ප්‍රදර්ශන භූමියේ සිටි අයෙකු ප්‍රකාශ කළා.

එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය ජුලි මස 27 වැනිදා දක්වා අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
කෙසේ වුවද අද දිනයේ ජන සහභාගිත්වය ඉතා අඩු බවයි දැන ගන්නට ලැබෙන්නේ.

Leave A Reply

Your email address will not be published.