නව දේශපාලන ප්‍රවණතාවයකට මාර්ග විවෘත කරන මැතිවරණයක් බවට මෙවර ජනාධිපතිවරණය පත්වන බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.
මහියංගණය ප්‍රදේශයේදී මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
ඔහු පැවසුවේ මෙවර ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ සහ තවත් සංවිධාන රැසක එකතුවකින් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවයි.
පසුගිය ජනාධිපතිවරණයන්හිදි ජයග්‍රාහනය තීරණය වුයේ ඉතාම සුළු ප්‍රතිශතයකින් බැවින් මෙවර කිසිදු පක්ෂයකට ජයග්‍රහණය කිරීමට නොහැකි වන බවද ඒ මහතා අවධාරණය කළා.