පාස්කු ඉරිදා ප්‍රහාරයේ පරීක්ෂණ පිළිබඳව විවිධ ස්ථානවල විවේචන සිදුකිරිමෙන් තොරව සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසදාගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.
පක්ෂ මුලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කලා.
මාධ්‍යවේදින් නැගු ප්‍රශ්න කිහිපයකට පිලිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ ජනාධිපතිවරයා සමඟ සාකච්චා කර පවතින ගැටළු නිරාකරණය කර ගත යුතු බවයි.
දැඩි ලෙස විවේචන සිදු වන විට ජනාධිපතිවරයාටද යම් වේදනාවක් ඇති වන්නට ඇති බවද මන්ත්‍රීවරයා එහිදි පැවසුවා.
එම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක්වු දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පැවසුවේ සියළු රාජ්‍ය ආයතනවල පුනරාවර්තන වියදම් අගෝස්තු මස වන විට අවසන් වන බවයි.
එම කාලය ළඟාවන විට වත්මන් ආණ්ඩුවට විශාල ආරථිකමය ගැටළු රාශියකට මුහුණ දීමට සිදු වන බවද මන්ත්‍රීවරයා එහිදි වැඩිදුරටත් පැවසුවා.