පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ජනපති ලොකු වැඩ කොටසක් කරා

මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රටේ ජනාධිපතිවරයා ලෙස පාස්කු ප්‍රහාරයෙන් පසු විශාල වැඩ කොටසක් සිදු කළ බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා.

අද(23) පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේපැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කලා.

දින කිපයක් තුළදී පාස්කු ප්‍රහාරයට සම්බනන්ධ සියලුම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බවත් තවදුරට අදාළ සිදුවීමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගනිමින් සිටින බව මහලේකම්වරයා පවසනවා.

පසුගිය පාස්කු ඉරිදාවෙන් පසු මාස තුනක් තුළ රට තුළල කිසිදු සිදුවීමක් සිදු නොවු බවත්, ඒ සඳහා ජනාධිපතිවරයා විසින් විශාල ආරක්ෂක පියවර කිහිපයක් ගත් බවත් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළා.

පාස්කු ප්‍රහාරයෙන් පසු විනාශයට පත් වූ දේවස්ථාන සියල්ල යළි ගොඩනැගීම ජනාධිපතිවරයාගේ නියෝගයෙන් සිදු කළ බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පවසා සිටියා.

Leave A Reply

Your email address will not be published.